උඩරට අර්තාපල් ගොවීන්ගේ අස්වනු කුණු කොල්ලයට යෑම වැළැක්වීම සඳහා එක් ගොවියකුගෙන් කිලෝ දෙදාහක් බැගින් රජය මිලදී ගන්නා බව වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය .
මේ දිනවල අර්තාපල් අස්වනු නෙළීම ආරම්භ කර ඇති අතර මිල පහල යාම හේතුවෙන් ගොවි ජනතාව අසීරුවට පත් වී ඇති බවත් මේ නිසා වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතා සමග සාකච්ඡා කර මෙම තීරණයට එළඹුණු බවත් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
අතර මැදියන්ගෙන් තොරව කිලෝවක් රුපියල් 210 බැගින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ .මෙම අර්තාපල් අස්වැන්න සතොස සහ කාගිල්ස් ෆුඩ් සිටි මගින් රට පුරා අලෙවි කෙරේ.
ප්‍රේමකීර්ති රණතුංග