උඩප්පුව පොලීසියෙ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සිය නිවසෙදී ඊයේ (1දා) අලුයම ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය කියයි.
මෙසේ ගෙල වැලලාගෙන මරණයට පත්වි ඇත්තේ පල්ලම ප්රදේශයේ පදිංචිව 55 හැවිරිදි දෙදරු පියකු වු නාරයන මුදියන්සේලාගෙ සරත් ජයන්ත නැමති උඩප්පුව පොලිසියෙ අපරාධ අංශ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරික්ෂකවරයකු බව කියයි.
අදාළ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සිය රාජකාරි අවසන් කර නිවසට ඊයේ අලුයම ගොස් ඇති බවත් ඉන්පසුව මෙම සිදුවිම සිදුව ඇති බවත් කියයි.
බිරිද සමග ඇතිවු පවුල් ආරවුලක් සම්බන්ධයෙන් දැඩි ලෙස සිත් තැවුලට පත්ව කලකිරීමේන් මෙසේ සිය දිවි නසා ගැනිම සිදුව ඇති බව පැවසෙයි.
මෙම උප පොලිස් පරික්ෂක වරයා කලින් ආරච්චිකට්ටුව පොලිසියෙ රාජකාරි කර ඇති බවත් උඩප්පුව පොලිසියට වසරකට පෙර පැමින ඇති බවද කියි.
අදාල මරණය සම්බන්ධව හලාවත මූලික රෝහලෙදී පශ්චාත් මරණ පරික්ෂණය සිදු විමට නියමිතව තිබුනී.