උගස් මධ්‍යස්ථාන විවෘත කිරීම ගැන සාකච්ඡා ඉදිරියේදී
උගස් මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද පිළිබඳව ඉදිරි කොවිඩ් සාකච්ඡාවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මෙතෙක් ජනතාවගෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු නොවූ බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ලොවපුරා වසංගත තත්ත්වයක් පැතිර යන මෙම අවස්ථාවේ සෑම දෙනාම වගකීමකින් කටයුතු කළ යුතු බව සඳහන් කළ ඒ මහතා මේ පිළිබඳව සෞඛ්‍ය අංශ හා සාකච්ඡා කොට සුදුසු පියවරක් ගැනීමට කටයුතු කරන බවද පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා
popular news
- 
                            
ජනා Sunday, 06 June 2021 11:08 PM
ඔව් ඉතිං අදාල දිනේට පොලි ගෙවාගන්ඩ බැරිඋනාම එ් පවටත් අපිම කරගහන්ඩ එපැයි.වහල තිබුනා කියල අදාල නෑනි.පොලි ගෙව ගෙව ඉන්නවට වැඩිය එ් තියල තියන බඩු අරං විකුනල දාන එක සැපයි.අවුරුදුගානක් හොයපුව රත්තරං කරා දැං විකුන විකුන ණය ගෙවනව.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                