ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේදී උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් එම සිදුවීම පිලිබඳ පැහැදිලි කිරීමක් කර ඇත.
ඒ අනුව 2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගට ගුවන් ඇණවුමක් ලැබුණු බවත් මෙම ගුවන් භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම වාණිජ ක්‍රියාදාමයක් වූ බවත් ඒ තුලින් ගුවන් සමාගමට සහ රටට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාවක් ලැබුණු බවත් ඔවුන් සිය නිවේදනයේ සඳහන් කර සිටියි.
එමෙන්ම මෙම භාණ්ඩ ඇනවුම වාණිජ මුහුණුවරක් මත පමණක් සිදුකරන ලද්දක් බවත් ඔවුන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.