උකුවෙල ප්‍රාදේශිය සභාවේ සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිස් අද (15)දා පැවති මහ සභා රැස්විමට පැමිණ නොසිටියහ.
උකුවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති(ජා.ජ.බ) නිමල් කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මහ සභා රැස්විම පැවැත්වු අවස්ථාවේ සභාපතිවරයා විසින් මහ සභාවට නොපැමිණෙන බවට මන්ත්‍රිවරුන් ලිපි මගින් දැනුම් දි තිබුණි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රි කාංචන රත්නසුරිය මහතා කියා සිටියේ උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනිමේදි මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරියගේ ක්‍රියාකලාපය නිසා ඇයට විරුද්ධව නිති මගින් කටයුතු කර ඇති නිසා පක්ෂයේ උපදෙස් අනුව කටයුතු කරන බවය.
සභා රැස්විම සදහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ.ඇතුලු පක්ෂවල නියෝජතයින් 11 දෙනෙකු මෙසේ සභාවට නොපැමිණි අතර සමගි ජන බලවෙගයේ එක් මන්ත්‍රිවරයෙක් සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරිය සහ ජන අරගල සන්ධානයේ මන්ත්රිවරියාද සභාවට පැමිණ සිටියහ.
ජාතික ජන බලවේගයේ සභාපතිවරයා ඇතුලු උප සභාපතිවරයා ඇතුලු මන්ත්‍රිවරුන් 14 දෙනෙකු සහභාගි වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න
