ඊ - ගුවන් ගමන් බලපත්‍රය මේ වසරේදී
මෙම වර්ෂය අවසන් වීමට පෙර ඊ - ගුවන් ගමන් බලපත්‍ර (E-Passport) ලබා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එමෙන්ම වර්ථමානයේ තිබෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට තිබෙන තදබදය අවම කිරීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ස්ථාන 50ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ස්ථාපිත කරන බව ඊයේ (22දා) කොළඹ පැනති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
"විශේෂයෙන්ම සියලු දෙනා කතා කරනවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගැන. විශේෂයෙන් මේ පාස්පෝට් ප්රශ්නය ගැන. අපි ඒ ප්රශ්නය විසඳන්න ගොඩක් කටයුතු කරලා තියෙනවා. එකක් තමයි අපිට තිබුණු ප්රශ්නය මුදල් වලට අවස්ථාව ගන්නවා කියලා රුපියල් 20,000, 25,000 ගන්නවා කියලා. අපි ඒකට තීරණයක් අරගෙන අපේ බුද්ධි අංශත් යොදවලා ගිය සිකුරාදා අපි 16 දෙනෙක් විතර අත්අඩංගුවට ගත්තා. ඊට කලිනුත් අපි ඒ විදියට අත්අඩංගුවට ගත්තා. අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකුත් අත්අඩංගුවට ගත්තා මේවට සම්බන්ධ. අපි දැඩි ක්රියාමාර්ල අරගෙන ඒවා නවත්වනවා.
අනිත් එක ඒ ප්රශ්නය විසඳන්න ලබන මාසය වන විට අපි ස්ථාන 50ක ඡායාරූප ගැනීම, ඇගිලි සලකුණු ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ස්ථාපිත කරනවා. ඒ අනුව කාටවත් මෙහෙට එන්න ඕනී නෑ. තමන්ගේ ගමේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් මුලින් අයදුම්පත ඔන්ලයින් එවලා එතනට ගිහින් පිංතූරය ගන්නවා.
ඇගිලි සලකුණු දෙනවා. මම හිතන්නේ දවස් තුනක් ඇතුලතදී අපි කෙලින්ම තමන්ගේ නිවසට පාස්පෝට් එක කුරියර් කරනවා. ඒ වගේම අපි ඉදිරියේදී ඊ පාස්පෝට් එක හඳුන්වා දෙන්න කටයුතු කරනවා. ඒකට අවශ්‍ය සියලු කටයුතු කරගෙන යනවා. අපි මේ වසර ඇතුලත ඊ- පාස්පෝට් එක ලබා දෙන්නත් කටයුතු කරනවා."
popular news
-
Herath Tuesday, 23 May 2023 07:32 AM
This is not Air Travel passport.. Just Passport,,, which we can use at air ports as well as sea ports even River ports.. Kindly correct
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

