අයිස් ගහන්න මුදල් හොයන්න ඊසි කෑෂ් ක්‍රමයට අයිස් හෙරොයින් ජාවාරමේ නිරත වු බව කියන සැකකරුවන් තිදෙනෙකු අයිස් ග්‍රෑම් දොළහක් සමග අද(26දා) අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
ලැබුණ තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවේ දී පළමුවන සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී දෙවන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ශේන් නමැති අයගේ ගෝලයන් බව සඳහන් කරන පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහු ඊසි කෑෂ් ක්‍රමයට මෙහෙයවන අයිස් බවට මූලික විමර්ශනයේදී හෙළිවූ බව පොලිසිය පැවසීය.
වයස අවුරුදු විසි දෙකක් වන අත්අඩංගුවට ගත් පළමු සැකකරු තමාගේ රහසිගත මල්ලක මෙම අයිස් ප්‍රමාණය සගවා ගෙන සිටි බව සඳහන් කරන පොලිසිය එහි වටිනා වටිනාකම ලක්ෂ දෙකකට ආසන්න බව පැවසීය.
මෙම සැකකරුට එරෙහිව මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා ඇති බවට සඳහන් කරන පොලිසිය ඔහු තමාගේ අයිස් අවශ්‍යතාවය සපුරා ගනු පිණිස මෙම ජාවාරම මුදල් උපයා ඇති බවට හෙළි වූ බවද පොලිසිය පැවසීය.
මෙම සැකකරුවන් මීට පෙර අවස්ථා ගණනාවක දී මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූවන් බව සඳහන් කරන පොලිසිය මොවුන් මොරටුව සොයිසා පුර පදිංචි පදිංචිකරුවන් බවද පැවසීය.
මෙම සැකකරුවන් වයස අවුරුදු 22 ,24,26 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව ද පොලීසිය පැවසී ය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා