දිවයින හාරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ් අනුව උතුරු, උතුරු-මැද, නැහෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ඒම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.