ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල ආසන්නයට ඊශ්‍රායෙලය එල්ල කළ ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව එම පුවත් සේවය පවසයි.
වාර්තාකරුවන් වන අනස් අල්-ෂරීෆ් සහ මොහොමඩ් ක්‍රෙයිකේ මෙන්ම කැමරා ශිල්පීන් වන ඉබ්රාහිම් සහර්, මොහොමඩ් නවුෆාල් සහ මෝමෙන් අලිවා යන අය රෝහලේ ප්‍රධාන ගේට්ටුවේ මාධ්‍යවේදීන් සඳහා වූ කූඩාරමක සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
"ඉලක්කගත ඝාතනය" "මාධ්‍ය නිදහසට තවත් පැහැදිලි සහ කලින් සැලසුම් කළ ප්‍රහාරයක්" බව අල් ජීසීරා පුවත් සේවය පවසා සිටියේය.
ප්‍රහාරයෙන් ටික වේලාවකට පසුව ඊශ්රායෙල ආරක්ෂක අංශ තහවුරු කළේ හමාස් හි ත්‍රස්තවාදී අංශයක ප්‍රධානියා ලෙස සේවය කළ කලකට අනස් අල්-ෂරීෆ්ට පහර දුන් බවයි.