විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඊශ්‍රායලයේ PIBA ආයතනය සමග සිදුකරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, ඊශ්‍රායල් රැකියා සඳහා බඳවාගැනීමට පවත්වන ලොතරැයි ක්‍රමයෙන් නොතේරුණු පිරිසට යළි රැකියා අවස්ථා හිමිවී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
ඒ අනුව PIBA ආයතනයේ දත්ත පද්ධතියෙන් ඉවත් කරන ලද හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්රයේ රැකියා අපේක්ෂිතයින් 969 දෙනෙකු නැවතත් ලොතරැයි ක්‍රමයට ඇතුළත් කරන ලදී. ඒ අනුව සිදුකරන ලද ලොතරැයි ක්‍රමය යටතේ එම 969 දෙනා අතුරින් 562 කු රැකියා සඳහා තෝරාගෙන ඇති බව ඊශ්‍රායල් PIBA ආයතනය විසින් කාර්යාංශයට දැනුම් දී තිබේ. එම 562 දෙනා අතුරින් 518 දෙනෙකු පිරිමි අපේක්ෂකයින් වන අතර, 44 දෙනෙකු කාන්තා අපේක්ෂිකාවන් වේ.
ලොතරැයි ක්‍රමය යටතේ තෝරාගත් 562 දෙනා වෙත කඩිනමින් SMS මාර්ගයෙන් ඒ පිළිබඳව දැනුම් දෙන අතර, ලොතරැයි ක්‍රමයෙන් නොතේරුණු ඉතිරි 407 දෙනා වෙතද ඒ සම්බන්ධව දැනුම් දෙන බව කාර්යාංශය සඳහන් කරයි. එසේම ලොතරැයි ක්‍රමයෙන් නොතේරුණු මෙම 407 දෙනා PIBA ආයතනයේ දත්ත පද්ධතියෙන් ඉවත් වන බව එම ආයතනය විසින් දැනුම් දී ඇත.
තෝරාගන්නා ලද අපේක්ෂිතයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකරන අතර, මේ සම්බන්ධයෙන් කිසිඳු බාහිර පාර්ශවයකට මුදල් දීමෙන් වලකින ලෙසද කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එවැනි වංචනික ක්‍රියාවල නිරතවෙන පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් පසුවන අතර, එවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය වෙත දැනුම් දෙන ලෙසද කාර්යාංශය ඉල්ලා සිටියි