කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ ලේකම්වරුන් ලෙස අගවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා වංචනික අයුරින් මුදල් ලබාගන්නා බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවූ පළමු ශ්‍රි ලාංකික කණ්ඩායම වශයෙන් තරුණයින් 80 දෙනෙකු අද දින ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඊශ්‍රායල් කෘෂි රැකියා අවස්ථා හිමිවන්නේ රජයෙන් පමණක් වන බැවින් එම රැකියා සඳහා කිසිඳු අතරමැදියෙකුට මුදල් දීමෙන් වලකින මෙන් හා එසේ මුදල් ලබාගන්නා පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන මෙන් අමාත්‍යවරයා රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසක් ඊයේ දින හමුවූ අවස්ථාවේදීයි.
ඊශ්‍රායලයේ රැකියා සඳහා රජයේ අනුමත ගාස්තුවක් ඇති අතර, එම ගාස්තුවට අමතරව කිසිඳු මුදලක් අය නොකරන බවත්, වංචනික අයුරින් මුදල් ලබාදී ඊශ්‍රායලයට රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයින් පිළිබඳව කරුණු හෙළි වුවහොත් ඔවුන් යළි දිවයිනට ගෙන්නා ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ (18) රාත්රියේදී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.
මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ අතර අද (19) උදෑසන තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය අතර අද (19) රාත්‍රියේදීත් තවත් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.
රැකියා අවස්ථා හිමිවූ ඉතිරි පිරිසද කඩිනමින් ඊශ්‍රායලය බලා පිටත් කර හැරීමට මේ වන විට කාර්යාංශය පියවර ගනිමින් සිටින අතර, රැකියා අවස්ථා හිමිවූ තවත් තරුණයින් 50 දෙනෙකු එළැඹෙන 23 දින පිටත්ව යාමට නියමිතය.
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා හිමිවේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊශ්‍රායල් රජයේ බලධාරීන් සමග සිදුකරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම රැකියා කෝටාව හිමිවූ අතර, ඉතාමත් කෙටි කාලයක් තුළ රැකියා ලාභීන් ඊශ්‍රායලය බලා පිටත් කිරීමට කාර්යාංශයට හැකිවිය.