ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රෙය් රැකියාලාභීන් 133 දෙනකු හෙට දින (9/23) පිටත්වන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඊශ්රායල් ඉදිකිරිම් සහ යටිතල පහසුකම් ක්ෂේත්රයේ රැකියා සඳහා විදේශගත වීමට නියමිත රැකියාලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ගුවන් ටිකට්පත් බෙදා දීම ශ්රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පකාර්යංශ ශ්රවණාගාරයේදී සිදු කරන ලදී. මෙහිදී ඉදිකිරීම් රැකියාලාභීන් 133 සහ යටිතල පහසුකම් රැකියාලාභීන් 17 සදහා ගුවන් ටිකට්පත් ලබාදෙන ලදී.
