ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඊච්චලන්තිව් ගම්මානයේ ජනතාව 1969 වසරේ සිට ඉඩම් අක්කර177ක් වගා කටයුතු සදහා යොදාගත් අතර උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුධමය වතාවරණය හමුවේ 1983 සිට වගා කටයුතු අතහැර දමා තිබුණද යුද්ධය අවසන්විමෙන් පසු එම ජනතාව තම ඉඩම්වල පදිංචි සදහා පැමිණියද එහි වගා කටයුතුවලට තහංචි පැනවිනි.
එසේ අසාධාරනයට පත් ජනතාව මෙම ගැටලුව නිරාකරනය කර තම ඉඩම් වගා කටයුතු සදහා ලබා දෙන ලෙස එහි සංචාරයක නිරතව සිටින ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ඉල්ලා සිටින ලදි.
මෙහිදි අදහස් දැක්වු ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේ
උතුරු නැගෙනහිර පළාත්වල ජනකාවට යුද්ධය පැවති කාලයේ සිට විශාල අසාධාරණයක් වු බව තමන් අවබෝධ කරගෙන සිටින බවත් මෙම ප්‍රදේශ නියොජනය කරන දමිල දේශපාලන නායකයන් ජනතාවට වැඩකිරිම වෙනුවට තම යහපතට පමණක් පසුගිය කාලය පුරාම කටයුතු කල බවත්, ඉදිරියේදි ඉඩම් අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකඡ්ඡා කොට රට තුළ පවතින අර්ථික අර්බුදයට මුහුණදිමට අවශ්‍යවන පරිදි මෙම ඉඩම් කෘෂිකාර්මික කටයුතු සදහා ජනතාවට ලබා දිමට පියවර ගන්නා බව පැවසිය.
මෙම සංචාරය ඊයේ (11දා) සිදු වු අතර එම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් ඊ.පි.ඩි.පි සංවිධායක ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සම්බන්ධිකරණ ලේකම් එම්.අයි.මුරුගන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.