ඉහළ ගොස් තිබූ එළවළු මිළ අඩු වෙන්න පටන් ගනී
දිවයින පුරා බලපා තිබූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලට ගොවි බිම් හසු වී වළවළු වගාවන් විනාශ වී යාම නිසා පසුගිය දින කිහිපය තුල විශාල ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිළ අද 03 වනදා වන විට අඩු වීමට පටන් ගෙන ඇති බව ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයෝ ස ඳහන් කරති.
කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළ ඳ සංගමයේ සභාපති ඩී.එන් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කළේ පසුගිය දිනවල එළවළු ලැබීම අඩු වීම නිසා ඉහළ ගොස් තිබූ එළවළු තොග මිළ ගණන් අද වන විට අඩු වීමට පටන් ගෙන ඇති බවයි.මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ තොග වෙළඳ සංගමයේ සභාපති ඩි.එන්. සිල්වා මහතා මෙසේ ද කීය.
“ අද වන විට එළවළු මිල යම් කිසි මට්ටමකට අඩු වෙලා තියෙනවා.එළවළු ප්‍රවාහනය අපහසු වුන නිසා මිළ වැඩි වෙලා තිබුණත් අද ලීක්ෂ් 400 යි 450 යි.කැරට් 400 යි 450 යි .ඒ වගේ ලොකු මුදලකින් අඩු වෙලා තියෙනවා. පාරවල් හදල දුන්නොත් මිනිස්සු බඩු ගන්න එයි.ඉදිරියට මිටත් වඩා මිළ අඩු වෙයි. එළවළු ලැබීමේ යම් අඩුවක් තවමත් තියෙනවා. ඒකට හේතුව පාරවල් වසා තැබීමයි.නුවරඑළියේ ලීක්ස් 200 මෙහේ 400 යි.පාරවල් හැදුනොත් පෝයෙන් පස්සේ එළවළු මිළ මීටත් වඩා අඩු වෙයි.
මෙහිදි අදහස් දැක්වූ ව්‍යාපාරික මංජුල රුවන් මහතා මෙසේ කීය.
අද වෙළඳ පොළට එළවළු වැඩියෙන් ඇවිත් තියෙනවා.ඒ නිසා මිළ යම් මට්ටමකට අඩු වෙලා තියෙනවා.අමුමිරිස් රුපියල් 250 යි කැරට් 350 යි 400 යි ගෝවා රුපියල් 70 යි 80 යි.තක්කාලි 300 යි 350 යි. ලීක්ෂ 400 යි.අද එළවළු වැඩි වශයෙන් ලැබිල තියෙනවා. ඉදිරියේදී තතවය යථා තත්වයට පත් වෙයි.යැයිද කීය.
මොහොමඩ් ආසික්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

