ඉහළ ගුණාත්මකභාවයකින් දරුවන් හා මව්වරුන්ට අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
එවැනි පෝෂණ අතිරේකයක් දරුවන්ට ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. අඛණ්ඩව ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන සඳහා රජය ඉහළ අවධානයක් යොමු කර ඇතැයිද මේ සඳහා අවශ්‍ය උපරිම ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වෙන් කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පවසයි.
පසුගිය දිනවල ත්‍රිපෝෂ සම්බන්ධයෙන් පළවූ වාර්තා පිළිබඳව කරුණු සොයා බලා සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු එහි නිලධාරීන් පිරිසක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ සිදුකළ සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.
ත්‍රිපෝෂ සඳහා වන අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී රජයට අමතරව පෞද්ගලික අංශයේද සහයෝගය ලබාදීමට ඇතැම් ආයතන මේ වන විට එකඟවී ඇතැයිද මේ හරහා ඉදිරියේදී එම වැඩසටහන උපරිමයෙන් සිදු කිරීමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා කීය.
රට තුළ ත්‍රිපෝෂ වැඩසටහනේ කිසිදු කඩා කඩාවැටීමක් නොමැති බවත් වත්මන් තත්වය තුළ ආහාර උද්ධමනයක් ඇති විය හැකි වුවත් එය වැළැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.