ඉහළ කොත්මලේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
මධ්‍යම කඳුකරයේ පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (24) උදෑසන සිට විවෘත කිරීමට එහි ජලාශය භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබේ.
මේ දිනවල ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් මෙසේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවත්, තව දුරටත් ජල පෝෂක ප්‍රදේශයන්ට වර්ෂාව පතිත වුවහොත් ජලාශයේ ඉතිරි වාන් දොරටු විවෘත විය හැකි බව ඉහල කොත්මලා ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු බී. සී. පෙරේරා මහතා පැවසිය.
ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු විවෘත වීමත් සමග ජලාශයේ පහළ ප්‍රදේශයේ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින් කොත්මලා ඔය දෙපස පදිංචි පිරිස් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටී.
ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු මෙසේ විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළ ප්‍රදේශයේ පිහිටි පුංචි නයගරා දිය ඇල්ල ලෙස ප්‍රචලිත සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ ගොස් සුන්දර ලෙස කඩා හැලෙන අයුරු දක්නට ලැබිණි.
පින්තූර- වාන් දොරටු විවෘත කොට ඇති හා සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ අයුරු


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

