තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (20) විවෘත කිරීමට එහි ජලාශය භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබේ.
ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් මෙසේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවත්, තව දුරටත් ජල පෝෂක ප්රදේශයන්ට වර්ෂාව පතිත වුවහොත් ජලාශයේ ඉතිරි වාන් දොරටු විවෘත විය හැකි බව ඉහල කොත්මලා ජලාශය භාර ප්රධාන ඉංජිනේරු බී. සී. පෙරේරා මහතා පැවසිය.
ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු විවෘත වීමත් සමග ජලාශයේ පහළ ප්රදේශයේ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින් කොත්මලා ඔය දෙපස පදිංචි පිරිස් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටී.
