ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (11) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්රික් ආපදා කළමණාකරන ඒකකය පැවසිය.
එම ජල පෝෂක ප්රදේශවලට තව දුරටත් වැසි ලැබුන හොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රීයව විවෘතවන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවරුන් ඉල්ලා සිටියි.
පවතින වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලි වලද ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.
