ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තව දුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් තව දුරටත් විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.
එම ජල පෝෂක ප්රදේශවලට (21) දින ඇදහැලුණු අධික වර්ෂාව සමග (22) අලුයම තෙක් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබූ බවත්, ඉන් එක් වාන් දොරටුවක් (22) අලුයම ස්වයංක්රීයව වැසී ගිය බවත්, තවදුරටත් එම ජල පෝෂක ප්රදේශවලට තද වැසි පතිත වූවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
