ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තව දුරටත් ඇදහැලෙන ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (05) දින අලුයම ස්වයක්රීයව විවෘත වී ඇති බව එම ජලාශභෘර ඉංජිනේරුවරුන් පැවසිය.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි ආපදා කලමණාකරණ ඒකකයේ ඉල්ලා සිටින්නේ.
දැනට විවෘත කර ඇති එක් වාන් දොරටුවකින් තප්පරයකට ජලය ඝණ මීටර් 30ක් කොත්මලා ඔයට මුදා හරින බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ. ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලි වල ජල ධාරිතාව ඉහල ගොස් ඇත.
