හාල් මිල ඉදිරියේදී ඉහලයා හැකි බවත් ඉහල යන හාල් මිල අඩු කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙළක් දියත් කරන බවත් සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (29) ඌරගස්මංහන්දිය හිපන්කන්ද ප්‍රදේශයේදී කීවේය.
ඌරගස්මංහන්දිය හිපන්කන්ද ප්‍රදේශයේ පැවති උත්සවයකදී එසේ කී සේමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ ද කීවේය.
හාල් මිල සම්බන්ධයෙන් ගැසට් ගැන කතා කරන අය හාල් මිල අඩු කරන ක්‍රමවේදයක් ගැන කියන්නේ නැහැ. හාල් මිල අඩු කරන ක්‍රමවේදයක් යම් කණ්ඩායමක් පෙන්වා දෙන්නේ නම් අපි ඒවා පිළිගන්න කැමතියි. අන්‍යමත අහක දමන උද්දච්ච ආණ්ඩුවක් නෙමෙයි අපේ ආණ්ඩුව.
කොහෝම උනත් ඉහල යන හාල් මිල අඩු කරන්න නියම වැඩපිළිවෙළක් අපි ඉදිරියේදී ක්‍රියාවට නංවනවා යයි ද සේමසිංහ මහතා වැඩි දුරටත් කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත