සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස පසුගිය 11 වැනිදා ජීවිතක්ෂයට පත්ව ඇත. ගනේමුල්ල සංජීව ඝාතනය වී මේ වන විට මාස 5කට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිව තිබේ.
මෙම ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දීමේ චෝදනා මත ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.