ඉෂාරා ඉන්දියාවට පළා නොගිය බවට විශ්වාසයි
කොළඹ අලුත් කඩේ අංක 5 අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඝාතනයට ලක් වූ පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ලෙස හඳුනාගෙන සිටින ඉෂාරා සෙව්වන්දි' ඉන්දියාවට පලා නොගිය බවට විශ්වාස කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ පවසා සිටියේ ඇය ඉන්දියාවට පළා ගිය බවට සමාජය තුළ මේ දිනවල පැතිර යන ආරංචිය පිළිබඳ විමසීමේදීය.
"එම අපරාධය සිදු වූ ඉකුත් මස 19 වෙනි දින පැය කීපයක් තුළදී මෙරටින් ඇයට පිටවීමට තිබූ සියලුම ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිත පියවරන් අනුගමනය කරමින් අහුරනු ලැබුවා. එවැනි තත්ත්වයක් තිබියදී එම තැනැත්තියට මෙරටින් පිටවීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අවමයි.
විමර්ශන කණ්ඩායම් ලැබෙන සෑම තොරතුරක් ඔස්සේම සොයා බලනවා. ඔවැනි සිද්ධියක් වුණාම විවිධ කටකතා ප්‍රචාරය වෙනවා.විමර්ශන වෙනතකට යොමු කිරීමට අපරාධකරුවන් එවැනි තොරතුරු ප්‍රසිද්ධ කරනවා වෙන්න පුළුවන්. ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා මේ මොහොතටත් විමර්ශන කණ්ඩායම් ක්‍රියාත්මකව පවතිනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

