ගනේමුල්ල සංජිව ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හය දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් ඉතාමත් ඉක්මනින් ලංකාවට ගෙන එන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වුට්ලර් මහතා පැවැසීය.
නේපාලයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ඉෂාරා සෙව්වන්දිට පහසුකම් සැපයූ ද්‍රවිඩ පුද්ගලයෙක් හා ඔවුන් සමග සිටි තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
නේපාලය හා ශ්‍රී ලංකාව එක්ව ඉතාමත් රහසිගතව කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද ඔහු පැවැසිය