මේ රටේ ප්රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතබන බවත් ප්රචණ්ඩත්වයට තම පක්ෂය කැඳවාගෙන යන්න උත්සාහ කළ ද ඉවසීමෙන් යුතුව කටයුතු කරන බවත් මහපෙළොත් තෙත් වෙනකම් ලේ හැලි තිබෙන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.එසේම ගංගා පිටාර ගලන තුරු කඳුළු සලා ඇති බවත් කිසිඳු ප්රචණ්ඩත්වයකින් තොරව ජයග්රහණය කරා රට මෙහෙයවන බවත් ඔහු පැවැසීය.
ජාතික ජන බලවේගය සංවිධානය කොට තිබූ ව්යාපාරික හා විද්වත් සමුළුවක් දඹුල්ලේදී අද පස්වරුවේ පැවැති අතර එය අමතමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී ජනතාව ඇමතූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ පසුගියදා ඇතිවූ සිද්ධියෙන් තම පාක්ෂිකයෙකු මියගොස් තවත් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි .
ජාතික ජන බලවේගය ප්රචණ්ඩත්වයට යොමු කිරීම සඳහා උත්සාහ කරන බවත් එවැනි සියලු උත්සාහයන් පරාජය කරමින් බඉවසීමෙන් යුතුව ඡන්දය කවදා හෝ පවත්වන තුරු දිනෙන් දින ජනතාව තම පක්ෂයට එකතු කර ගැනීමේ වැඩපිළිවෙළ ක්රියාත්මක කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
මේ වන විට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාළු පිට්ටනියක තනිවම කඩුවක් කරකවමින් සටනට කැඳවන බවත් කෙසේ වෙත් වෙතත් ඔහු ජනතාව නැති හිස් භූමියක කඩුව කරකව කරකවා හති වැටී ඔහුගේ බඩ කපා ගන්නා තුරු ඉවසීමෙන් යුතුව දිනෙන් දින ජනතාව රැස් කරමින් ප්රචණ්ඩත්වයෙන් තොර මේ රට පාලනය කිරීමේ වගකීම තම පක්ෂය විසින් සිදුකරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.