ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ජනපති තමන්වෙත දුරකතනය හා සම්බන්ධවෙමින් ප්රකාශ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
මේ අනුව ඒ සම්බන්ධයෙන් වන ලිපිය අද දිනයේදී තමන්ට ලබාදෙන බවට ජනපතිවරයා ප්රකාශ කළ බවත් කථානායකවරයා පැවැසීය.
ඒ් අනුව මේ මස 20 වැනි දින ජනපතිවරයෙක් පත්කර ගන්නා බවත් ඒතෙක් සාමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කථානායකවරයා පැවැසිය.