ඉරාන සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක් ඊයේ (22) රාත්‍රියේ සිදුවූ බව ඉරාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මෙම සංවාදයේදී , ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි , IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ දිවි පිදූවන්ගේ සිරුරු වුන්ගේ මව්බිමට ගෙන ඒමට සහාය වීම පිළිබඳව විදේශ අමාත්‍ය විජිත හේරත් අමත්‍යවරයාට සිය කෘතඥතාව පළකොට ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය