ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළසිරුරු ඉරානයට යැවිම සඳහා අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපොල වෙත ගෙන යන ලදී.
මෙම මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයට බාර දෙන ලෙස ගාල්ල මහේස්ත්රාත් වරයා 11වනදින කරාපිටිය රෝහලේ අධ්යක්ෂවරයාට නියෝග කරණ ලදි.ඒ අනුව එදිනම සවස කොළඹ මල් ශාලාවකින් පැමිණි සේවකයින් පිරිසක් මළ සිරුරු එම්බාම් කර ඇත.
මෙම මළ සිරුරු සියල්ලම කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කිරිමට ඉඩ නොමැතිවිම නිසා පිටතින් ගෙන එන ලද අධිශිතකරණ කන්ටේනර් දෙකක තබා තිබින.
ඉරානයට යැවිම සඳහා පළමුවෙන්ම මළසිරුරු 45ක් අලුයම 5.30ට පමණ මත්තල ගුවන් තොටුපල වෙත පොලිස් ආරක්ෂාව සහිතව ගෙන යන ලද අතර ඉතිරි මළ සිරුරු 39පසුව ගෙන යාමට නියමිතව තිබින.
මළ සිරුරු අද දහවල් 11.30ට පමණ මත්තලින් ගමන් ආරම්බ කරනු ලබන ගුවන් යානයකින් ඉරානය වෙත ගෙන යාමට නියමිතව තිබුුුුණි .
අහංගම සුමතිපාල දීයගහගේ