ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාවේ අණදෙන නිලධාරි අලිරේසා ටැංසිරි මරා දැමූ බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය කැට්ස් පවසන්නේ ටැංසිරි "හෝමූස් සමුද්‍ර සන්ධියට බෝම්බ හෙලීම සහ අවහිර කිරීමේ ත්‍රස්තවාදී ක්‍රියාවට සෘජුවම වගකිව යුතු" බවයි.
තවත් "ජ්‍යෙෂ්ඨ නාවික හමුදා අණදෙන නිලධාරීන්" ගණනාවක් ද මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව ඔහු තවදුරටත් පවසයි. ඉරානය තවමත් අදහස් දක්වා නොමැත. ඝාතනය සිදුවූ ආකාරය ඊ ශ්රා යෙලය ප්‍රකාශ කර නොමැත.