ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්ටාබා කමේනි වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබ පැතූම් එක්කරමින් රුසියාව හා ඉරානය අතර සහයෝගය නැවත වරක් තහවුරු කර තිබේ.
"ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායකයා ලෙස ඔබ පත් කිරීම පිළිබඳව මගේ අවංක සුබ පැතුම් පිළිගන්න," පුටින් ක්‍රෙම්ලිනයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද පණිවිඩයක සඳහන් කරයි.
රුසියානු නායකයා පවසන්නේ "ටෙහෙරානයට [රුසියාවේ] නොසැලෙන සහයෝගය සහ අපගේ ඉරාන මිතුරන් සමඟ සහයෝගීතාවය නැවත තහවුරු කරන" බවත් "විශ්වාසදායක සහකරුවෙකු ලෙස සිටීමට" පොරොන්දු වන බවත්ය.
"ඉරානය සන්නද්ධ ආක්‍රමණයකට මුහුණ දෙන අවස්ථාවක, මෙම ඉහළ තනතුරේ ඔබේ ක්‍රියාවන්ට නිසැකවම විශාල ධෛර්යයක් සහ කැපවීමක් අවශ්‍ය වනු ඇත. ඔබ ඔබේ පියාගේ කාර්යය ගෞරවනීය ලෙස දිගටම කරගෙන යන බවත් මෙම දරුණු පීඩාව හමුවේ ඉරාන ජනතාව එක්සත් කරන බවත් මට විශ්වාසයි," ඔහු පවසයි.