ඊශ්‍රායලය සහ ඉරානය අතර "සම්පූර්ණ" සටන් විරාමයකට එකඟ වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇත.
ට්‍රම්ප් පවසන්නේ සෑම රටක්ම ඔවුන්ගේ හමුදා මෙහෙයුම් "අඩු කිරීමෙන්" පසු "දැන් සිට ආසන්න වශයෙන් පැය හයකින්" සටන් විරාමය ආරම්භ වන බවයි.
"24 වන පැයේදී" යුද්ධය නිල වශයෙන් අවසන් වන බව ඔහු පවසයි්. කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායලය සහ ඉරානය තවමත් සටන් විරාමයකට එළඹ ඇති බව තහවුරු කර නොමැති බවයි.