ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව ඉරානයේ ෆොර්ඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබේ. මේ බව ඉරානයද තහවුරු කර තිබේ.
"ෆෝර්ඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට අපගේ ඉතා සාර්ථක ප්‍රහාරය අපි අවසන් කර තියෙනවා. සියලුම ගුවන් යානා දැන් ඉරාන ගුවන් අවකාශයෙන් පිටත්වන ඇත" යනුවෙන් ට්‍රම්ප් සිය Truth සමාජ ගිණුමෙන් පැවැසීය.
ෆොර්ඩෝ වෙත "සම්පූර්ණ බෝම්බ තොගයක්" හෙළන ලද බවත් සියලුම ගුවන් යානා එක්සත් ජනපදයට ආපසු යමින් සිටි බවත් ට්‍රම්ප් පැවසීය.
මෙම ප්‍රහාර සඳහා බී 12 යානා යොදාගෙන තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.