ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක්
ජෝර්දානයේදී ඇමෙරිකානු භටයින් දෙදෙනෙකු සහ ඉරාකයේදී එක් භටයෙක් ඉරාන ප්‍රහාර වලින් මිය යාමත් නිසා එම භටයින්ට "ගෞරවයක්" වශයෙන් ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක් එල්ල කල බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉරානය පුරා පිපිරීම් හඬ ඇසෙමින් තිබියදී, අඛණ්ඩව නවවන රාත්‍රියටත් ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඇමරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (Centcom) සඳුදා අලුයම ප්‍රකාශ කළේය.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකා වෙත එල්ල වන ටෙහෙරානයේ ප්‍රහාර "තවදුරටත් අවම කිරීම" සඳහා හමුදා ස්ථාන සහ සන්නිවේදන ජාල ඉලක්ක කරගත් බව ඇමරිකාව පැවසීය.
සිරියාව තුළ "හදිසි ප්‍රහාරයක්" (surprise attack) එල්ල කිරීමෙන් සහ ජෝර්දානයේ අකාබා ගුවන් තොටුපළේ තිබූ ඇමරිකානු ගුවන් යානා ඉලක්ක කර ගැනීමෙන් ඊට ප්‍රතිචාර දැක්වූ බව ඉරානය ප්‍රකාශ කළේය.
ඉරාන ඩ්‍රෝන යානා (drones) අන්තර්මගදී වළක්වා ගැනීමට (intercept) තමන් සමත් වූ බව කුවේට් සන්නද්ධ හමුදා ප්‍රකාශ කළහ.
ඇමරිකානු ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයේ අර්ධ-නිල 'ටස්නිම්' (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කළේ ටබ්රිස්, චබහාර්, කොනාරක්, බන්දාර් මහ්ෂාර් සහ බන්දාර් ඉමාම් කොමේනි ඇතුළු නගර කිහිපයකට පහර එල්ල වූ බවයි.
සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තෙල් ප්‍රවාහන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා ද පළ විය.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පැවසුවේ එම නෞකා සමුද්‍ර සන්ධියේ "අනාරක්ෂිත සහ අවදානම් සහිත දකුණු මාර්ගය" ඔස්සේ ගමන් කරමින් තිබියදී මෙම ප්‍රහාර එල්ල කළ බවයි.කෙසේ වෙතත්, ඇමරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (Centcom) එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
