ඉරණමඩු වතුර යාපනයට ගෙන යෑමේ සූදානමක්
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයෙන් මුහුදට යන 60% ක ජලය යාපනය ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රැගෙන යාමට ඉදිරියේදී පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා පැවැසීය. ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ ඉරණමඩු ජලාශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවකදීය.
එහිදී ප්‍රධාන ඉංජිනේරුවරයා සහ අනෙකුත් නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරයාව දැනුවත් කළේ ජනවාරි 31 වැනි දින වනවිට ඉරණමඩු ජලාශයේ කාන්දු වීම නිවැරදි කොට සම්පූර්ණ ජලාශයේ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට හැකි බවයි.
එසේම ඉදි කිරීම් සඳහා දායක වූ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම ඉදිරි මාස 6 තුළදීද නිරන්තර නිරීක්ෂණ කටයුතු සහ නඩත්තු කටයුතු සිදු කරන බවද ප්‍රධාන ඉංජිනේරුවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම ඉරණමඩු ජලාශයේ 40%ක ජලය කෘෂිකර්මාන්තයට යොදා ගන්නා අතර ඉතිරි 60%ක ජලය පාවිච්චියෙන් තොරව මුහුදට ගලා බසින බව ඉංජිනේරුවරුන් විසින් ආණ්ඩුකාරවරයාව දැනුවත් කිරීමෙන් පසුව උතුරු පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඉංජිනේරු එන්. සුදාකරන් මහතා වෙතට ආණ්ඩුකාරවරයා කියා සිටියේ මුහුදට ගලා බසින 60%ක ජල ප්‍රමාණය යාපනය ප්‍රදේශයට ගෙන ගොස් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ජිවනෝපායන් ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට ව්‍යාපෘති යෝජනාවක් සකස් කර දෙන ලෙසයි.

popular news
-
Champa Monday, 21 January 2019 01:21 PM
ඉරණමඩු ජලාශය උතුරට අයිති එකක් නෙමෙයි. උතුරු ආණ්ඩුකාරයාට අයිතිත් නැහැ. ඉරණමඩු ජලාශය අයිති මධ්‍යම ආණ්ඩුවට. මේ ආණ්ඩුකාරයා උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වලට එරෙහි ජාතිවාදියෙක්. මෙයාට මේකට ඇත ගහන්න දෙන්න එපා. අනාගතේ මේ ඉරණමඩු ජලාශය හින්ද සිංහල දෙමල මිනිස්සු අතරේ නොනවතින ගැටුම් ඇති වෙන්න පුළුවන්. මේක තව කාශ්මීරයක් වෙනවා. මේ දෙමල ජාතිවාදියෝ හැම තිස්සෙම මොකක් හරි අලුත් දෙයක් පටන් ගන්නවා සිංහලයන් එක්ක ගැටුම් ඇති කර ගන්න. ඉස්සෙල්ල ත්‍රස්තවාදය, ඊට පස්සේ ඊලම, ඊට පස්සේ ෆෙඩරල්, දැන් ඊට පස්සේ මේ ජලාශය. අපේ සිංහල පාලකයන්ට මොලේ තියෙනව නම් මේ කරන්න හදන දේ නවත්තන්න වහාම. වතුර දෙන්න ඕනේ නම් ඒක මධ්‍යම ආණ්ඩුවෙන් කරන්න. ඒ මොකොද කිව්වා නම් මෙයා මේක දෙමල ඉංජිනේරුවෝ දාල හැදුවොත් ඊට පස්සේ දෙමල මිනිස්සු අනාගතේ කියයි ඉරණමඩු හැදුවේ සුරේන් රඝවාන් ඒ හින්ද ඉරණමඩු ජලාශය අයිති ඒ ගොල්ලන්න්ට කියලා. මේ හරහා තමයි ඊළඟට ලංකාව ආපහු ත්‍රස්තවාදය විසින් දෙවෙනි පාර ගිල ගන්නේ. මේකට ඉඩ දෙන්න එපා. වතුර කියන්නේ බොහොම සංවේදී දෙයක්. තේරෙනව නේද මං කියන දේ. නිකම් නිස්කාරනේ සිංහලයන් මෘගයන් කියල ලෝකෙට කියන්න ඉඩ හදල දෙන්න එපා. මෙයාව නවත්තන්න.
Reply : 0 0
Champa Monday, 21 January 2019 01:39 PM
උතුරේ ජාතිවාදීන් කවදාවත් සිංහල පාලකයන්ට උතුර දියුණු කරන්න දෙන්නේ නැහැ. ඒ මොකොද ඒ ගොල්ලන්ගේ බලය හීන වෙන හින්ද සහ සිංහලයන්ට විරුද්ධව වෛරය පතුර වන්න බැරි වෙන හින්ද. මොනවා හරි කරන්න හැදුවත් ඔය දැන් රනිල් එක්ක වගේ ගිවිසුමක් ගහ ගන්නවා. ඒ මොකොද ඒ හරහා සිංහල ආණ්ඩුව උතුරේ කරන්න හදන දේවල් පාලනය කරන්න. දකුණ දියුණු කරන විදිහට උතුර නැගෙනහිර දියුණු කරන්න බැහැ. ඒක වෙනස් විදිහකට කරන්න ඕනේ. මහජන මුදල් නිස්කාරනේ විනාශ කරන පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කරලා ඒ මුදල් වැඩකට ගන්න ඕනේ. උතුර විතරක් නෙමෙයි දකුණ ගැනත් කියන්නේ. පළාත් සභා නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩ නැහැ. ඒ හින්ද හිතනවා ඇමති කමක් නැතුව වැඩ කරන්න බැහැ කියල ඒ මොකොද කරන්න කියලා එහම්ට වැඩක් නැති නිසා. පළාත් සභා නැති නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනේ තරම් දේවල් තියෙනව කරන්න. සල්ලි වුනත් ටිකක් වැඩිපුර දෙන්න පුළුවන්. මට නම් ඔය බලය බෙදා හැරීම විකාරයක්. වගකීම ගන්න කිසි කෙනෙක් නැහැ. උදාහරණයක් විදිහට; පාර අයිති මධ්‍යම ආණ්ඩුවට බස් අයිති පළාත් සභාවට ලයිට් කණු අයිති ප්‍රාදේශීය සභාවට කුණු අයිති නගරසභාවට. 1, 2, 3 තුනම ආණ්ඩුවට තිබ්බ නම් හොඳට කළමනාකරන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

