ඉම්රාන් ඛාන්ගේ ඇසක් සම්පූර්ණයෙන්ම නොපෙනෙන බවට පලවූ වාර්තා නිසා එය ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙන බව සඳහන්.
සිරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලොව පුරා හිටපු ක්‍රිකට් නායකයින් 14 දෙනෙකු මේ පිලිබඳ පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත ලිපියක් යොමුකර තිබෙන බව වාර්තා වනවා. ඔවුන් ඉල්ලා ඇත්තේ ඉම්රාන් ඛාන්ට "ගෞරවයෙන් හා මූලික මානව අයිතිවාසිකම් ගැන සැලකිල්ලෙන්" කටයුතු කරන ලෙසයි.
බන්ධනාගාරයේ දී ඉම්රාන් ඛාන්ට අවම වෛද්‍ය පහසුකම් හෝ නොලැබෙන බව ඔහුගේ ඥාතීන් පවසනවා. (IJ)