ඉදුරුව ඇටවලවත්ත ප්රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහරදී ඝාතතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (12දා) උදේ ඇයගේ නිවස ඉදිරිපිට තිබී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කොට තිබුණේ ඉදුරුව ඇටවලවත්ත පදේශයේ පදිංචි තිස්හය හැවිරිදි කොස්ගොඩ බඩල්ගේ චාන්දනී නමැති එක්දරු මවක් බවද පොලීසිය කියයි.
මේ කාන්තාව අද (12දා) උදේ ඝාතනය කොට ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය කියයි.
ඝාතනයවූ කාන්තාවගේ දියණිය අම්බලන්ගොඩ නගරයේ ප්රධාන පාසලක ඉගෙනුම ලබන බවත් ඇය අද්(12) උදේ රැයින් පාසලට පැමිණි පසුව මේ ඝාතනය සිදු කර ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණයවූ බව ද පොලීසිය කියයි.
ඝාතනය කළ කාන්තාවගේ සැමියා සැමියා විදේශගතව සිටින අතර ඝාතනයට හේතුව අණාවරනය කර ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය අද (12දා) සිදු කිරිමට නියමිතව තිබිණ. කොස්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.