දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරයේ දුම්රිය ඒන්ජින් රියදුරන්ගේ පැමිණීම හා පිටවීම තදින් අධීක්ෂණය කළැයි සඳහන් කරමින් එම දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් දුම්රිය නගා සිටුවීම සඳහා වූ වෘත්තීය සමිති කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පැවැසුවේ එම ධාවනාගාරයේ වැඩ අධීක්ෂකවරයා ඉවත් කරන තෙක් වැඩ වර්ජනය ක්රියාත්මක කරන බවයි.
"දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරයේ දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා හේතුව වෙලා තියෙන්නේ එම ධාවනාගාරයේ අධීක්ෂණ කටයුතු කරන වැඩ අධීක්ෂකවරයෙක්ගේ ක්රියාකලාපයට විරෝධය දක්වලා තමයි මේ වෘත්තීය ක්රියාමාර්ගය ආරම්භ කර තිබෙන්නේ.
දුම්රිය ඒන්ජින් රියදුරන්ට විවිධ කොන්දේසි පැනවීමට තමයි ඔවුන් විරෝධය දක්වන්නේ. විශේෂයෙන්ම රාත්රී කාලයට සේවයට පැමිණෙන මේ කණ්ඩායම්වල පැමිණීම හා පිටවීම පිළිබඳ දැඩි අධීක්ෂනයට ලක්වීම තමයි මේ සදහා හේතුව වෙලා තියෙන්නේ.
ඒම රියදුන්නේ පැමිණීම හා පිටවීම තදින් සොයා බැලුවේ නෑ. නමුත් ඇතිවී තිබෙන තත්ත්වයත් ඒක්ක සොයා බැලීමක් සිදුකරනවා. අභියෝගයට ලක්වෙලා තියෙන අයට සහනදායි ක්රියාමාර්ග ගැනීමට කළමණාකාරිත්වය පොරොන්දු වුණා.
නමුත් එංජින් රියදුරන් කියන්නේ මේ වැඩ අධීක්ෂකවරයා ධාවනාගාරයෙන් ඉවත් කරන්න කියලා. එයට සාධනීය පිළිතුරක් ලැබුණේ නෑ.
වැඩ වර්ජනය තවදුරටත් දිග්ගැස්සෙන හැඩක් තියෙන්නේ. මේ ක්රියාමාර්ග්ය 10 දා තමයි ආරම්භ වුණේ. සියලු ගැටලු මුල්කරගෙන අනෙකුත් දුම්රිය එන්ජින් රියදුරුවරයොත් ඉදිරියේදී මෙයට සහාය දක්වාවි"