ඉන්ධන යොදාගෙන විදුලිබලය නිපදවන්නේ අත්‍යවශ්‍යම නම් පමණක් බවත් පුනර්ජනනීය බලශක්ති භාවිතය අඩු කිරීමට කටයුතු නොකරන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
"හිරු එළියෙන් එහෙම නැත්තං සූර්යය බලයෙන් සැපයෙන ශක්තිය අපට ලැබෙන්නෙ දහවල් කාලයේදී විතරයි. අපි ඛනිජ තෙල්වලින් විදුලිය ගන්නේ රාත්‍රී කාලයේ අවශ්‍ය උනොත් විතරයි. මේ ප්‍රභවයන් දෙක එකට එක සම්බන්ධ නෑ. විදුලිය සැපයීමේ ප්රභවය අවශ්‍යතාවය අනුව ඒක තීරණය වෙන්නෙ.
ඒ වගේම අපි ආණ්ඩුව ගත්තට පස්සෙ පුනර්ජනනීය බලශක්තිය අඩු කරලා කිසිම වෙලාවකම ඩීසල් එහෙම නැත්තං ඛනිජ තෙල්වලින් බලශක්තිය නිපදවන්න කිසිම අරමුණක් හෝ ක්‍රමවේදයක් මේ වන තෙක් කරගෙන ගිහිල්ලා නෑ.
අපි කවදාවත් පුනර්ජනනීය බලශක්තිය පාවිච්චිය අඩු කරලා ඛණිජ තෙල්වලින් විදුලිය නිපදවන්නෙ නෑ" යනුවෙන් අද (17) පාර්ලිමේන්තුවේදී ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.