ශ්රී ලංකාව තුළ අලෙවි කරන ඉන්ධන හරහා සෑම ඉන්ධන ලීටරයකින්ම රජයට රුපියල් 100කට ආසන්න බදු මුදල් ලැබෙමින් පවතී.
මේ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයකින් රුපියල් 100.27ක්, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයකින් රුපියල් 122.36ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 74.99ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 97.98ක් හා භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.95ක් ලෙස රජය බදු අයකරනු ලබයි.
ඉන්ධන මිල සංශෝධනයත් සමගින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන අලෙවි කිරීම හරහා ඉතා සුලු ලාභයක් පවතී.
මේ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයකින් රුපියල් 0.42ක්, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයකින් රුපියල් 2.82ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 0.45ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 0.47ක් හා භූමිතෙල් ලීටරයකින් රුපියල් 0.09ක් ලෙස රජයට ලාභ ලැබෙයි.