ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අනුව දංකොටුව - මීගමුව ප්රධාන මාර්ගයට සමබන්ධව දංකොටුව නගරයට ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම් හලෙන් ඉනධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි පෞද්ගලික ඇඟලුම්හලක සේවක සේවිකවන් ප්රවාහනය කරනු ලබන බස්රථ රියදුරෙකු ඊයේ (09) රාත්රී 8.30 පමණ හදිස්සියේම ඇතිවූ රෝගතුර තත්වයක් හේතුවෙන් දංකොටව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව දංකොටුව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පන්නල ගෝනවිල එලිවිල ප්රදේශයේ පදිංච් 47 හැවිරිදි එච් ඒ චමින්ද පුෂ්පකුමාර නැමති පුද්ගලයෙකු බවද පොලීසිය කියයි.
මියගියා පුද්ගලයා ධාවනය කරනු ලබන බස්රථයට ඉන්ධන ලබාගැනීම සඳහා දින දෙකක පමණ කාලයක් මෙම ඉන්ධන පිරවුම්හල අසළ පෝලිමේ සිට ඇතිබවද සඳහන්වේ.
මේ අතර මීගමුව - දංකොටුව මාර්ගයේ අද (10දා) උදෑසන 7.00 ට පමණ තඹරවිල ඉන්ධන පිරවුම්හලෙන් මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව රෝදවලට හුළං ගසා ගැනීම සඳහා නවතා තැබීමෙන් පසු මෝටර් රථය තුළම මියගොස් සිටි බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොච්චිකඬේ දඵවකොටුව තක්කියාපාර අංක 475,41 දරන ලිපිනයේ පදිංචි 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් මුහම්මදු ජසීම් නැමති අයෙකු බවද පොලීසිය කියයි.
හේමලතා රාජපක්ෂ