මෙරටට රුපියල් 250ට ඉන්ධන ආනයනය කිරීමට හැකි නම් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට ඉන්ධන ආනයනය කිරීමේ වගකීම පැවරීමට සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
රුපියල් 250ට ඉන්ධන ආනයනය කළ හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (05දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එලෙස සිදු කිරීමට නොහැකි නම් ජනතාව නොමග යවන සහ ජනතාව තුළ වෛරයක් ඇති කරන ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර රුපියල් 250ට ඉන්ධන ආනයනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දැන ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා හෙට (06දා) කෝප් කමිටුව හමුවට කැඳවීමට කෝප් සභාපතිවරයාට සඳහන් කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කරන බව එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.