මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය සලකා බලමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මේ වන විට ඉහළ ගොස් ඇති ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිලෙහි බර ජනතාව මත පැටවීමකින් තොරව සහනාධාරයක් ලබා දීමට රජය විසින් සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවැසීය.
භාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් කොටසක් යොදවා ඉහළ යමින් පවතින ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.