සෑම මසකම 1 වැනිදා හා 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ප්රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් අද දිනයේදී ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව තිබේ.
ඉන්ධන මිල සූත්රය අනුව මෙම මිල සංශෝධනය සිදුවෙයි. පසුගිය දින කිහිපය තුළ ලෝක වෙළඳපොළ බොරතෙල් මිලේ යම් පසුබැසීමක් සිදුවිය.
යම් හෙයකින් අද දිනයේදී ඉන්ධන මිල සංශෝධනයක් වුවහොත් තෙල් මිල අවම වශයෙන් හෝ පහළ යෑමට ඉඩක් පවතී.
ලෝක වෙළඳපොළ තුළ මෙවැනි තත්ත්වයක් පැවැතියත් බංග්ලාදේශය තුළ ඉන්ධන මිල සියයට 50කින් ඉහළ දැමීමට එරට රජය තීරණය කළේය.
අර්බුදකාරී තත්ත්වය යටතේ එරට ආර්ථිකයට ඇතිව තිබෙන පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කර ගැනීමට බංග්ලාදේශය මෙම තීරණය ගෙන තිබේ.
පසුගිය වකවානුව තුළ ලෝකයේ වේගයෙන් සංවර්ධනය කරා ළඟා වෙමින් පැවැති රටක් ලෙස බංග්ලාදේශය ඉදිරියෙන් පසුවෙයි.