අවසන් වරට ඉන්ධන මිල වැඩි කළේ ඉන්ධන මිල සූත්‍රය අනුව නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු ඳසහන් කළේ ලෝක ඳවෙළ පොළේ තෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඒය මිල සූත්‍රයට ගැලපිය නොහැකි බවයි.