ඉන්ධන මිල වැඩි කළේ මිල සූත්‍රය අනුව බවත් ඒ මිල සූත්‍රය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බවත් විදුලි බල හා බලශක්ත අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
මෙම මිල වෙනස් කිරීමට ඉන්ධන ආනයන වියදම, ගොඩබෑමේ වියදම, බෙදා හැරිමේ වියදම හා බදු ඇතුළත් බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් මෙම මිල වෙනස සඳහා බදු ඇතුළත් නොවන බවද අමාත්‍යවරයා පවසයි.
මිල සූත්‍රය අනුව සෑම රාත්‍රියකම හෝ මසකට වරක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පවසයි.