රටේ දැනට පවතින ආර්ථික අර්බුදයත් සමග ඉන්ධන මිළ මහත දැමීමෙන් ඉදිරියේදී එළවළු පාරිභෝගිකයන්ට ප්‍රවාහන වියදම් අඩු වීමෙන් වාසියක් සිදු වන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අද (30දා) දින නුවරඑළියේදි මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඒ බව පැවැසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ පසුගිය වසර කිහිපය තුළ අසීමිත ලෙස ඉන්ධන මිල වැඩිවීමත් සමග එළවළු මිල අහස උසට නැගීමෙන් එළවළු පාරිභෝගිකයන් දැඩි ලෙස අපහසුතාවට පත්වූ බවයි.
කෙසේ වෙතත් වර්තමාන රජය උත්සව සමයත් සැලකිල්ලට ගනිමින් 29 මධ්‍යම රාත්‍රියේ සිට සැලකිය යුතු මට්ටමකින් ඉන්ධන මිල පහත දැමීම හේතුවෙන් එළවළු ව්‍යාපාරිකයන්ට ප්‍රවාහන වියදමේ ලැබෙන අඩු වැය මුදලත් සමග ඒ වාසි පාරිභෝගිකයට ලැබෙන බවත් ඔහු පැවැසීය.
එසේම ටයර් සහ එන්ජින් තෙල් වල මිල ගණන් අඩුකර රජය සහයෝගයක් දක්වන්නේනම් තවත් අඩු මුදලට පාරිභෝගිකයන්ට ලබා දීමට හැකි වන බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.