ඉන්ධන මිල නොදන්න කැබිනට් ඇමති
දෙරණ 360 වැඩසටහනට ඊයේ (14දා) එක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර සේන මහතාගෙන් වර්තමාන ඉන්ධන මිල සම්බන්ධයෙන් විමසා සිටි විට ඔහුට ඒ සඳහා පිළිතුරු ලබාදීමට නොහැකි විය.
ගෑස් මිල, ඩීසල් මිල, පෙට්‍රල් මිල සම්බන්ධයෙන් අමාත්‍යවරයාට දැනුමක් නොතිබුණි. මේ එම වැඩසටන මෙහෙයවූ සංඛ අමරජිත් ඉන්ධන මිල සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්න හා එයට අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු
Q ඩීසල් කීයද?
A අද වෙන කොටද?
Q ඔව්
A අද වෙනකොට.. ඩීසල් මිල.....
Q ඇමතිතුමා දන්නේ නෑ ඩීසල් මිල?
A පෙට්‍රල් මිල කීයද?පෙට්‍රල් නම් දෙසිය ගාණක්. දෙසිය පනස් පහයි..
Q ගෑස් මිල කීයද?
A ගෑස් මිල වැඩි කළේ නෑනේ. දැන් දෙදහස් තුන්සිය පනහක් විතර
Q ඇමතිතුමා මේ ප්‍රශ්න තුනටම උත්තර වැරදියි? ඒ කියන්නේ අපේ රටේ පාලකයෝ, ඇමතිවරු ජනතාව විදින දුක දන්නේ නෑ? භාණ්ඩවල මිලවත් දන්නේ නෑ? ඇයි ඒ?
A නෑ. අද වෙනකොට විටින් විට මිල වැඩිවෙනවනේ.
Q ඇයි අපේ රටේ පාලකයෝ ජනතාවගේ මූලික අවශ්‍යතාවල තියෙන භාණ්ඩවල මිල දන්නේ නැත්තේ?
A ගණන් දන්න් නැතිව නෙමෙයි සංඛ. දවසින් දවස මිල වැඩිවෙනවනේ. ඒ නිසා මතක තියා ගන්න බෑ.
Q ඔබතුමා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගොවිජනතාව ඉන්න දිස්ත්‍රික්කයක් නියෝජනය කරන ඇමතිකෙනෙක් ඔබතුමා දන්නේ නැත්නම් ජී.එල්. පීරිස් ඇමතිතුමා මොකුත්ම දන්න් නැතිව ඇති? කොළඹ දිස්ත්‍රික්කය නියෝජය කරන මැති ඇමතිවරු ජනපතිතුමා, අගමැතිතුමා කිසිම දෙයක් දන්නේ නැතිව ඇති?
A එහෙම කියන්න එපා. මම එක දෙයක් කිව්වා ඒකත් වැරදියි කියලනේ කියන්නෙ.

popular news
-
NEIL ROHITHA Tuesday, 15 March 2022 10:38 AM
Don't waste time, pls select the correct people.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

