ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවී ඇති බවත් ඒ අනුව බස් ගාස්තුවටද පහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාමේදී බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවධානය ගාස්තු පහළ දැමීමට යොමු නොවීම කණගාටුදායක තත්ත්වයක් බවයි.
බස් ගාස්තු සංශෝධන සූත්‍රය, ව්‍යවස්ථාවටත් වඩා පැටලීමක් බවට මේ වන විට පත්වී තිබෙන අතර මීට සම්පුර්ණයෙන් ම වග කිව යුතු ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුලු ප්‍රවාහන බලධාරීන් දිගින් දිගටම මගී ජනතාවගේ අයිතිවාසිකම් පැහැර හරින බවට සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.
ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩුකිරීමටත්, විද්‍යාත්මක ලෙස බස් ගාස්තු සංශෝධනයක් කරන ලෙසත් ඉල්ලා සිටින බව එම සංගමය පවසයි.