ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීම ප්‍රමුඛතා ක්‍රමවේදයක් යටතේ සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හෙට දිනයේ සිට යළිත් දිනකට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 5400 හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3500 වෙළඳපොළට නිකුත් කරන බවත් ඔහු පැවැසීය.
එසේම මේ වන විට ඉන්ධන රැගත් නෞකා දෙකක් ලංකාවට ගෙන්වා ගැනිමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා මහ බැංකුව මුදල් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“ලංකා ගමනා ගමන මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන වැඩියෙන් ලබාදිමට කටයුතු කරනවා. ඒ අනුව පෞද්ගලික අංශයේ තිබෙන පෞද්ගලික බස් රථ සියල්ලටම, පාසල් ළමුන් ප්‍රවාහන බස් රථත් සංචාරක කර්මාන්තයේ තිබන වාහනවලටත් ඉන්ධන ලබාදීමට කටයුතු කරනවා.
ධීවර වරාය සඳහා අවශ්‍ය ලෝඩ් 45ක් දෛනිකව ලබාදිමට කටයුතු කරනවා. හඳුනාගත් ඉන්ධන පිරවුම්හල් 160කට අවශ්‍ය දෛනිකව ඩීසල් හා භූමිතෙල් නිකුත් කිරිමට කටයුතු කරනවා. මේ හරහා කෘෂිකර්ම, වැවිලි හා ධීවර කර්මාන්තයේ අයට ප්‍රමුඛතාව ලබාදෙනවා.”