සිපෙට්කෝ බෙදුම්කරුවන්ගෙන් පරිහරණය ගාස්තු බද්ද අය කිරීමට විරෝධය දක්වමින් අද දිනයේදි තමන් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව සිපෙට්කෝ බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරන විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ඒ හරහා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන බවයි.
මෙවැනි පුවත් පිළිබඳව කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.